ආර්ථික
වාහන ලියාපදිංචිය අගෝස්තු මාසයේදී ඉහළට!
image for වාහන ලියාපදිංචිය අගෝස්තු මාසයේදී ඉහළට!

ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි කිරීම් 2025 අගෝස්තු මාසයේදී 38,240 දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී වාහන ලියාපදිංචි කිරීම් 35,232ක් ලෙස දත්ත වාර්තාවල සදහන් වේ.

මෙය ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ SUV/Crossover වාහන මෙරටට ආනයනය කිරීම වැඩිවීම නිසා සිදුවී ඇති බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දත්ත වාර්තාවලින් පෙන්වා දේ.

පැහැදිළි වැඩිවීමක් : ඒ අනුව අගෝස්තු මාසයේදී ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම් 454 සිට 2,497 දක්වා ඉහළ ගොස් ඇති අතර, යතුරුපැදි ලියාපදිංචිය කිරීම් 26,171 සිට 27,585 දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේ වුවත් ජූලි මාසයේ මෝටර් රථ ලියාපදිංචි කිරීම් 2,748ක් වාර්තා වුවත් අගෝස්තු මාසය වන විට එය 2,329 දක්වා අඩුවී ඇති බව වාහන ලියාපදිංචි කිරීමේ දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි.

BYD වාහන ලියාපදිංචි කිරීම් 244 සිට 354 දක්වා වැඩි වී ඇති අතර, එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ Dolphin මාදිලියේ වාහන 307ක් ලියාපදිංචි වීමයි.

SUV සහ Crossover වාහන ලියාපදිංචිය ජූලි මාසයේ සිට අගෝස්තු මාසය වන විට ඒකක 3,299 සිට 3,808 දක්වා ඉහළ ගොස් ඇත.

Toyota සන්නාමයේ වාහන 1,238ක් අගෝස්තු මාසයේදී ලියාපදිංචි කර ඇති අතර, එයට Raize (789) සහ Land Cruiser මාදිලි ඇතුළත් වේ.

BYD සන්නාමයේ වාහන ඒකක 1,019ක්, (ATTO 3 (554) සහ Sealion 6 (465) මාදිලිවලින්) Land Rover වාහන ඒකක 38ක් ද ලියාපදිංචි වූ අතර, එයට Defender (17) සහ Range Rover (18) මාදිලියේ වාහන ද ඇතුළත් ය.