
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා Laugfs සමූහ ව්‍යාපාරයේ (Laugfs Holdings) 39.5%ක කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ඇත.මෙම සමාගම Laugfs Gas PLC සමාගමේ මව් සමාගමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා Laugfs සමූහ ව්‍යාපාරයේ (Laugfs Holdings) 39.5%ක කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ඇත.මෙම සමාගම Laugfs Gas PLC සමාගමේ මව් සමාගමයි.
ඒ අනුව Laugfs සමූහයේ සම නිර්මාතෘවරයෙකු මෙන්ම නියෝජ්‍ය සභාපතිවරයා ද වන තිලක් ද සිල්වා මෙහි කොටස් හිමිකාරීත්වයෙන් ඉවත්වී ඇත.
ඒ අනුව තිලක් ද සිල්වා මේ පිළිබද තම අදහස් දක්වමින් සඳහන් කර සිටියේ Laugfs සමාගම දැනට පවතින තත්වයෙන් නැඟී සිටීමට නම් විශාල මූල්‍ය ශක්තියක් අවශ්‍ය බවත්, ඒ අනුව වඩාත් හොද ආයෝජකයෙකුට සමාගම තුළ ඉඩක් ලබා දීම සඳහා තමා ඉවත් වූ බවත්, මෙම සන්නාමයේ පැවැත්ම උදෙසා මෙම තීරණය ගත් බවත්ය.
එසේම මෙම ගනුදෙනුවේ වටිනාකම සාකච්ඡා වෙමින් පවතින බව පවසමින් තිලක් ද සිල්වා එය හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ නමුත් ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 5ත් 7ත් අතර වන බවට අනුමාන කෙරේ.
අමාරු කාලයක් : Laugfs Gas සමාගම මේ වසරේ ජූනි කාර්තුව සඳහා රුපියල් මිලියන 888 ක දළ ලාභයක් වාර්තා කළද, රුපියල් මිලියන 733ක මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් පාඩු ලබා ඇති බවත් Laugfs සමාගම සතුව රුපියල් බිලියන 12 ක දිගුකාලීන ණය සහ රුපියල් බිලියන 19 ක කෙටිකාලීන ණය පවතින බවත් වාර්තා වේ.
ධම්මික පෙරේරාගේ ආයෝජනය සමඟින් Laugfs සමූහයට කලාපීය බලශක්ති සැපයුම්කරුවෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට හැකි වනු ඇතැයි Laugfs Powerහි ප්‍රධාන විධායක නිලධාරී මිතිල වේගපිටිය පැවසී ය.
ඒ අනුව තවදුරටත් තම අදහස් දක්වමින් මිතිල වේගපිටිය සදහන් කළේ Laugfsහි හැකියාවන් ප්‍රයෝජනයට ගැනීමට ඉතා හොඳ පුද්ගලයෙකු ලෙස ධම්මික පෙරේරා මහතාව දුටු බවත්, එය ඉතා හොඳ හවුල්කාරිත්වයක් වනු ඇති බවත්, ඒ අනුව ඔහු Laugfs සමාගම සඳහා නව දැක්මක් ලබාදී ඇති බවත් ය.
මොකක්ද මේ Laugfs? : Laugfs සමූහය ද්‍රව පෙට්‍රෝලියම් වායු (LPG) බෙදා හැරීම, ඉන්ධන බෙදාහැරීම, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හා නැව්ගත කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර පවත්වාගෙන යයි.
Laugfs Gas සහ Laugfs Power යනු ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කර ඇති සමාගම්වලින් කිහිපයකි.
ඒ අනුව Laugfs සමාගම දකුණු ආසියාවේ විශාලතම ද්‍රව පෙට්‍රෝලියම් වායු (Liquefied Petroleum Gas) නැව්ගත කිරීමේ පර්යන්තය හම්බන්තොට වරාය තුළ පවත්වාගෙන යන අතර Laugfs සන්නාමයට ද්‍රව පෙට්‍රෝලියම් වායු සහ බලශක්ති බෙදාහැරීමේ සිට සුපිරි වෙළඳසැල්, රබර් නිෂ්පාදනය, කාබන් විමෝචන පරීක්ෂණ සහ ඖෂධ දක්වා විවිධාංගීකරණය වූ ව්‍යාපාර 23ක හිමිකාරීත්වය ඇත.
Laugfs සමාගම 1994 දී ආරම්භ වූ අතර, තිලක් ද සිල්වා සහ ඩබ්ලිව්. කේ. එච්. වේගපිටිය විසින් එහි සම සභාපතිත්වය දරන ලදී.
Laugfs Gas 2015 වසරේ සිට ද්‍රව පෙට්‍රෝලියම් වායු සදහා පනවන ලද මිල පාලනය කිරීම් හමුවේ විවිධ ගැටලුවලට මුහුණ දුන් අතර, ශ්‍රී ලංකාව තුළ ඇතිවූ විදේශ විනිමය හිඟය හේතුවෙන් ගෑස් ආනයනය කිරීමට නොහැකිවීම නිසා පසුගිය ආර්ථික අර්බුද සමයේදී ද ගැටලු රැසකට මැදිවී ය.