
මෙම වසරේ අගෝස්තු මාසයේදී විදෙස් සංචාරකයින් 198 235 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, එය පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව 20.4%ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත් මෙම අගය 2025 ජූලි මාසයට සහ 2018 වසරේ වාර්තා වූ සංචාරකයින්ගේ පැමිණීමට වඩා අඩු අගයක් ගනී.

මෙම වසරේ අගෝස්තු මාසයේදී විදෙස් සංචාරකයින් 198 235 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, එය පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව 20.4%ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත් මෙම අගය 2025 ජූලි මාසයට සහ 2018 වසරේ වාර්තා වූ සංචාරකයින්ගේ පැමිණීමට වඩා අඩු අගයක් ගනී.
මාසික ඉලක්කය : ඒ අනුව මෙම වසරේ අගෝස්තු මාසයේදී මෙරට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ198 235, එම මාසයේ සංචාරකයින්ගේ පැමිණීමේ මාසික ඉලක්කයෙන් 79.6%ක් පමණක් සපුරා ඇති අතර, සංචාරකයින් 50 784 ක අඩුවක් තවදුරටත් පෙනේ.
මෙම සංඛ්‍යාව මේ වසරේ ජූලි මාසයේ පැමිණි සංචාරකයින් ගණන වූ 200 244ට වඩා අඩු අතර, 2018 අගෝස්තු මාසයේදී පැමිණි සංචාරකයින්ට වඩා 2 124කින් අඩු ය.
ඒ අනුව මෙය වසරේ තීරණාත්මක කාලපරිච්ඡේදයකදී සංචාරක පැමිණීමේ ප්‍රවණතාවය මන්දගාමී වන බවට සංඥාවක් සපයයි.
වාර්ෂිකව වර්ධනය වන බවට සලකුණු : කෙසේ නමුත් මෙම වසරේ අගෝස්තු මාසයේ මාසික ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වුවද, මේ වසරේ මේ වන තෙක් මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.56 (1 566 523) ඉක්මවා ඇති අතර, එය 13%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත් 2025 වසර අවසන් වන විට සංචාරකයන් මිලියන 3ක් මෙරටට පැමිණීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉදිරි මාස හතර තුළ සංචාරකයන් 1 433 477ක් ආකර්ෂණය කර ගත යුතුව තිබේ.
මෙයින් අදහස් වන්නේ මාසිකව පැමිණෙන සංචාරකයින්ගේ සාමාන්‍යය 358 369ක් විය යුතු බවයි.
උත්සව සමයේ වැඩි ආගමනයක් : සතිපතා මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවේ දත්ත අනුව මහනුවර ඇසළ පෙරහැර හේතුවෙන් පළමු සතියේ සංචාරකයන් 54 217 ක් පැමිණ ඇති අතර, දෙවන සතියේ සංචාරකයින් 53,176ක් පැමිණ තිබේ.
කෙසේ වෙතත් තුන්වන සහ සිව්වන සතිවලදී සංචාරකයින්ගේ පැමිණීම පිළිවෙළින් 44 442 සහ 46 400 දක්වා පහත වැටී ඇත.
ඒ අනුව මෙම දත්ත මෙරට උත්සව සමය අවසන් වීමත් සමඟ සංචාරකයින්ගේ පැමිණීම අඩුවන බවට සාක්ෂි සපයයි.
ඉන්දියාව පෙරමුණේ :
අගෝස්තු මාසයේදී ඉන්දියානු සංචාරකයන් 46 473 ක් (23.44%) පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් සංචාරකයින් 19 764 ක් (9.97%), ජර්මනියෙන් 12 500 ක් (6.31%), චීනයෙන් 12 294 ක් (6.20%) සහ ඉතාලියෙන් සංචාරකයින් 12 247 ක් (6.18%) මෙරටට පැමිණ ඇත.
මෙම රටවල් පහ අගෝස්තු මාසය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන අතර ප්‍රංශය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය සහ ජපානය වැනි රටවල් මෙරටට පැමිණි ඉතිරි සංචාරකයින් ප්‍රමාණය නියෝජනය කරයි.
පස් අවුරුදු සංචාරක සංවර්ධන වැඩසටහන : ගෝලීය අලෙවිකරණ වැඩසටහන් මෙන්ම වීසා නිදහස් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට මෙරට රජයට නොහැකි වීම සම්බන්ධයෙන් සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් චෝදනා එල්ල කරයි.
ඒ අනුව පවතින ගැටලු සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය මාසයේදී ගැසට් පත්‍රයක් (අතිවිශේෂ ගැසට් අංක 2450/27) මගින් ශ්‍රී ලංකාවේ පස් අවුරුදු සංචාරක සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන ලදී.
මේ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට හා වගවීම සහතික කිරීමට ජනපතිවරයා විසින් මෙම කාර්ය සාධක බලකායට පුළුල් බලතල ලබා දී ඇත.
වසරාවසාන ඉලක්කය : ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් වන විට සංචාරකයන් මිලියන 3ක් මෙරටට පැමිණීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙම වසරේ අගෝස්තු මාසයේදී පැමිණි ප්‍රමාණයට වඩා 80%කට වැඩි සංචාරකයන් සංඛ්‍යාවක් මාසිකව ආකර්ෂණය කර ගැනීමට සිදුවනු ඇත.
ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවට මාසිකව පැමිණි සංචාරකයින් ගණන හා සසඳා බැලීමේදී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි මාසය ලෙස වාර්තා වූයේ 2018 මාර්තු මාසය වන අතර, එහිදී සංචාරකයින් 233,000 ක් පමණ මෙරටට පැමිණිය හ.