
මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් 2025 වසරට සමගාමීව නිකුත් කරන ලද නවතම ජනවාරි – ජූලි මූල්‍ය සමාලෝචන වාර්තාවට අනුව අයවැය හිඟය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වියදම්වලට වඩා ආදායම් වර්ධනය වීම බව හදුනාගෙන ඇත.

මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් 2025 වසරට සමගාමීව නිකුත් කරන ලද නවතම ජනවාරි – ජූලි මූල්‍ය සමාලෝචන වාර්තාවට අනුව අයවැය හිඟය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වියදම්වලට වඩා ආදායම් වර්ධනය වීම බව හදුනාගෙන ඇත.
ඒ අනුව 2025 වසරේ මුල් මාස හත තුළ අයවැය හිඟය 36.3% කින් පහත වැටී රුපියල් බිලියන 556.1ක් දක්වා අඩු වී ඇත.
ආදායම හා වියදම : 2025 වසරේ පසුගිය මාස හතක කාලය තුළ රජයේ වියදම් රුපියල් ට්‍රිලියන 3.29ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය වසරකට පෙර පැවති රුපියල් ට්‍රිලියන 3ට සාපේක්ෂව 8.5%ක වැඩිවීමකි.
මේ අනුව 2025 සම්පූර්ණ වසර සඳහා රජයේ මුළු වියදම් ඇස්තමේන්තුව රුපියල් ට්‍රිලියන 7.2කි.
පසුගිය මාස හත තුළ බදු ආදායම 28.2%කින් ඉහළ ගිය අතර, බදු නොවන ආදායම 9%කින් ඉහළ ගොස් ඇත.
ආදායම් බදු වලින් ලැබෙන ආදායම 8.3%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 525ක් දක්වා වැඩිවී ඇති අතර, වැට් බදු එකතු කිරීම 27.5%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 935ක් දක්වා වැඩි වී ඇත.
ඒ අනුව රාජ්‍ය අංශයේ වැටුප්, පොලී ගෙවීම් සහ සහනාධාර ඇතුළු පුනරාවර්තන වියදම් 12.3%කින් ඉහළ ගොස් ඇති අතර, ප්‍රාග්ධන වියදම් සහ ශුද්ධ ණය දීම් 19.7%කින් පහත වැටී 2025 මුල් මාස හත තුළ රුපියල් බිලියන 290ක අගයක් පෙන්නුම් කරයි.
මෙම වසරේ මුල් මාස හත තුළ මුළු ආදායම පෙර වසරට වඩා 26.6%කින් ඉහළ ගොස් රුපියල් ට්‍රිලියන 2.7ක් දක්වා වැඩි වූ බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව 2025 සම්පූර්ණ වසර සඳහා අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 2.2ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
ප්‍රාථමික අයවැය හිඟය 2025 වසරේ මුල් මාස හත තුළ රුපියල් බිලියන 973.6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඊට පෙර වසරේ රුපියල් බිලියන 519.4ක් විය.
2025 වසරාවසාන ඉලක්කය : මුදල් අමාත්‍යාංශය පවසන්නේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් වසරේ මුල් මාස හත තුළ 2025 වසර සඳහා වූ රුපියල් ට්‍රිලියන 2.2 ඉලක්කයෙන් 53%කට දැනටමත් ළගා වී ඇති බවයි.
රේගු දෙපාර්තමේන්තුව 2025 වසර සඳහා වූ රුපියල් ට්‍රිලියන 2.1 ඉලක්කයෙන් 57%කට පමණ ළගා වී ඇති අතර, සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 839 ඉලක්කයෙන් 52%කට ලඟා වී ඇත.