
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රාත්‍රී කාලයේ ගොඩබස්වන ගුවන්යානා සංඛ්‍යාව ඉහළ යාම නිසා ඇතිව ඇති තදබදය අවම කිරීම සඳහා, ගුවන්යානා ගොඩබස්වන වේලාවන් වෙනස් කිරීමට සැලසුම් කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රාත්‍රී කාලයේ ගොඩබස්වන ගුවන්යානා සංඛ්‍යාව ඉහළ යාම නිසා ඇතිව ඇති තදබදය අවම කිරීම සඳහා, ගුවන්යානා ගොඩබස්වන වේලාවන් වෙනස් කිරීමට සැලසුම් කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසීය.
ඒ අනුව මෙම මාසය මුලදී ගුවන්තොටුපළ හා ගුවන් සේවා ආයතනය (Airport and Aviation Services) විසින් රාත්‍රී 10 සිට 12 දක්වා කාලය තුළ ගුවන් තොටුපළෙහි පිටත්වීමේ පර්යන්තයට ඇතුළුවන අමුත්තන් සීමා කිරීමටද පියවර ගනු ලැබූ අතර මෙය පර්යන්තය තුළ ඇතිවන තදබදය අඩු කිරීමේ අරමුණින් සිදු කරන ලද්දකි.
හේතුව මොකක්ද ? : ඇතැම් වේලාවන්හිදී බොහෝ ගුවන්යානා කෙටි කාලයක් ගත කිරීම සදහා මෙරට ගුවන් තොටුපළට ගොඩබසින තත්ත්වයක් දක්නට ලැබේ.
ඒ ඉන්දියාව වැනි රටවලින් පැමිණෙන මගීන්ට වෙනත් ගුවන්යානා වෙත මාරුවීමට අවම රැඳී සිටීමේ කාලයක් (waiting time) ලබා දීම සදහායි.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේ කෙටි කාලයක් තුළ ගොඩබසින ගුවන්යානා සංඛ්‍යාව ඉහළ බවත්, පැය හතරක් වැනි කෙටි කාලයක් තුළ විශාල ගුවන්යානා සංඛ්‍යාවක් මෙරටට ගොඩබස්වන බවත් ය.
ඒ අනුව ඔහු තවදුරටත් සඳහන් කළේ මෙයට විසඳුමක් ලෙස ගුවන්යානා ගොඩබැස්වීමේ කාලය පැය හයක් දක්වා දිගු කිරීමට කටයුතු කරන බවයි.
ගැටලු රැසක් : පවතින තත්ත්වය නිසා ආගමන විගමන කවුළු අසල ඇතිවන තදබදය මගීන්ගේ ප්‍රමාදයන්ට හේතු වී තිබෙන බව පෙනී යයි.
ඒ අනුව ආගමන විගමන කවුළු සංඛ්‍යාව වැඩි කළ බවත්, ඒවායේ කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීම් කටයුතු කඩිනමින් සිදු වෙමින් පවතින බවත් ඔහු එහිදී වැඩිදුර විස්තර කරමින් පැවසීය.
මත්තලට අවධානය : සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා මත්තල ගුවන්තොටුපළ වෙත වැඩි සංචාරක ගුවන්යානා සංඛ්‍යාවක් යොමු කිරීමට ද ශ්‍රී ලංකාව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙම වසරේ ශ්‍රී ලංකාව මිලියන 3ක පමණ සංචාරකයින්ගේ පැමිණීම අපේක්ෂා කරන අතර, වාර්තාවලට අනුව 2025 අගෝස්තු මස මැද භාගය වන විට සංචාරකයින් මිලියන 1.5ක් පමණ මෙරටට පැමිණ ඇත.
ආර්ථික අර්බුදයේ බලපෑම් අඩු වී ජනතාවගේ ආදායම් ඉහළ යෑමත් සමග, පිටරටවල සංචාරය කිරීමට යන දේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව ද වැඩි වී තිබෙන බව දැකගත හැකි ය.