
ශ්‍රී ලංකාව තුළ කැසිනෝ නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා අනුමැතිය හිමි පනත් කෙටුම්පතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ඊයේ (19) දිනයේදී සම්මත කරන ලදී.

ශ්‍රී ලංකාව තුළ කැසිනෝ නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා අනුමැතිය හිමි පනත් කෙටුම්පතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ඊයේ (19) දිනයේදී සම්මත කරන ලදී.
ඒ Melco ආයතනය විසින් මෙරට පළමු ජාත්‍යන්තර කැසිනෝ සමාගම ලෙස තම ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් ටික කලකට පසුව වීම විශේෂත්වයකි.
සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත ඒකමතිකව සම්මත විය.
වාසි අවාසි : නියෝජ්‍ය ආර්ථික සංවර්ධන අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවට පැවසුවේ කැසිනෝ නියාමන අධිකාරිය මගින් පාලනය වන කැසිනෝ ක්‍රියාත්මක වන්නේ නීතිරීතිවලට අනුකූලව බවත්, මුදල් විශුද්ධිකරණය සම්බන්ධ ගැටළු ද මෙමගින් නියාමනය කරනු ඇති බවත් ය.
ඒ අනුව මෙම අධිකාරිය මගින් කැසිනෝ සඳහා බලපත්‍ර ලබා දෙන අතර, ඒවා නීතිරීතිවලට අනුකූලව ක්‍රියාත්මක වන බවට නිරන්තරයෙන් අධ්‍යනය කරමින් සහතික වනු ඇත.
දැනටමත් මෙරට තුළ ක්‍රියාත්මක වන කැසිනෝ ආයතනයන් ද එකී නියාමන අධිකාරිය යටතට ගැනීම සඳහා කාලය ලබා දී ඇති බවත් සදහන් ය.
ඊට අමතරව නව රෙගුලාසි යටතේ කැසිනෝ ශාලාවලට ඇතුළු වීමේ ගාස්තුව ලෙස ඩොලර් 50ක මුදලක් ශ්‍රී ලාංකිකයන්ගෙන් අය කරනු ඇත.
තවද, පාර්ලිමේන්තුවේ කාරක සභාව හා රාජ්‍ය මූල්‍ය කමිටුව විසින් සූදු ක්‍රීඩා සම්බන්ධ විදේශ විනිමය කළමනාකරණය කිරීමේ නීති රෙගුලාසි මාලාව සඳහා ද සිය අනුමැතිය ලබා දුන්නේ ය.