
නව රජය යටතේ පසුගිය මාස අට තුළ රාජ්‍ය අංශයේ රැකියා 62,314ක් සඳහා අනුමැතිය ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (12) පැවසුවේ ය.

නව රජය යටතේ පසුගිය මාස අට තුළ රාජ්‍ය අංශයේ රැකියා 62,314ක් සඳහා අනුමැතිය ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (12) පැවසුවේ ය.
නවතම තත්වය : “2025හි පසුගිය මාස අටක කාලය තුළ රාජ්‍ය සේවයේ තනතුරු 62,314ක පුරප්පාඩු පියවීමට අනුමැතිය ලබා දී තිබෙනවා,” යැයි කොළඹදී සතිපතා පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු වාර්තාකරුවන්ට පැවසුවේ ය.
“සමහරක් දැනටමත් බඳවාගෙන අවසන්. සමහර රැකියා සඳහා විභාග පැවැත්වෙමින් තිබෙනවා වගේම තවත් සමහරක් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා.” ඔහු තවදුරටත් මෙහිදී සඳහන් කළේ ය.
නව රජයේ මෙම රජයේ රැකියා සදහා බඳවාගැනීමේ වැඩසටහන ආරම්භ වන්නේ උද්ධමනය නිසා මෙරට ඇතිවූ අයවැය හිඟය අවම කිරීම සඳහා රාජ්‍ය අංශයේ රැකියා අඩු කිරීමට පෙර පැවති රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට පටහැනිව යමින්ය.
කෙසේ වෙතත්, අමාත්‍ය ජයතිස්ස මෙම ක්‍රියාමාර්ගය සාධාරණීකරණය කරමින් කියා සිටියේ අමාත්‍යාංශ කිහිපයක පවතින පුරප්පාඩු හේතුවෙන් මෙම අනුමැතිය ලබා දුන් බවයි.
ඔහු තවදුරටත් පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ පුරප්පාඩු 12,433ක් පිරවීමට රාජ්‍ය අනුමැතිය ලැබී ඇති අතර, ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහා වෛද්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය රැකියා 11,888ක් පිරවීම සඳහා අනුමැතිය ද ලබා දී ඇති බවයි.
විරැකියාව පහළට : මේ අතර ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2025 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 3.8% දක්වා පහත වැටී ඇත.
ඒ අනුව එය වසරකට පෙර පැවති 4.5%ට සාපේක්ෂව අඩු අගයක් ගනී.
2025 වසරේ පළමු කාර්තුවේදී රැකියා නියුක්ත මුළු ජනගහනය මිලියන 8.13ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ රැකියා නියුක්ත මුළු ජනගහනය වූ මිලියන 7.9ට සාපේක්ෂව වැඩිවීමකි.
ඒ අනුව පසුගිය මාස 12 තුළ රැකියා 237,912ක් පමණ අලුතින් නිර්මාණය වී ඇති බව පෙන්නුම් කරයි.