ඔහු මේ පිළිඳව අදහස් දැක්වූයේ ට්‍රම්ප් ගේ තීරු බදු වල බලපෑම, GSP+ ආරක්ෂා කර ගැනීම සඳහා කළහැකි දේ සහ පුරවැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කරනු ලැබූ වැඩසටහනකදීය.
ලෝක අර්බුදයක්: “ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන තිබෙන තීරු බදු ඉහළ දැමීමේ තීරණයත් සමග අද වන විට ලෝක අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. ලොව ප්‍රබල රටවල් සියල්ල මේ අර්බුදයට හසුව අවසන්. ලෝක බැංකුව වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුල ද පවා අද වන විට මේ අර්බුධය හමුවේ අස්ථාවර වීමේ අවධනමකට ලක්වයි සිටින්නේ. මේ නිසා අප වැනි කුඩා රටකට මෙය මාරකයක්. අපි මාරක කිහිපයක්ම ඉතා අසීරුවෙන් පහුගිය කාලයේ පසු කරලයි පැමිණ සිටින්නේ. ඒ නිසා අපට මේ මාරකය මාරාන්තිකයි.
මේ අර්බුදය විසඳීම සඳහා අපට කිසිදු ලෙසකින් කෙටිකාලීන විසඳුම් නැහැ. ඇමෙරිකාව සමග හෝ වෙනත් රටක් සමග ඩීල් එකක් දැමීම පමණයි අපට මෙහිදි ඇති කෙටිකාලීන විසඳුම වන්නේ. මේ ක්‍රියාමාර්ගය සමග අපට ස්ථිර ලෙස ඉදිරියට යාමට අපහසුයි. මේ නිසා අප දීර්ඝකාලීන විසඳුම් පිළිබඳව අවධානය යොමු කරමින් අපේ පාලනයෙන් පිටත තියෙන මේ ගැටලුව දෙස විමර්ශනශීලිව බලා සිටිය යුතුයි.
පවතින වෙළෙඳපොළ ක්‍රමය යටතේ සියලු රටවල් සිටින්නේ එකට බැඳිලා. මේ නිසා අපට තනිවම මේ ගැටලුවෙන් මිදීමට හැකියාවක් නැහැ. මේ නිසා අපි ප්‍රාදේශීය හා කලාපීය ගිවිසුම් වලට යා යුතුයි සහ වඩා උපක්‍රමශීලි විය යුතුයි. අපි විදේශ ආදායම උපයන ක්‍රම වෙනස් කළ යුතුයි. මොකද මේ අර්බුදය හමුවේ ලොව සියලු රටවල් බලපෑමට ලක්වන නිසා සංචාරකයන් පැමිණිම වුණත් අඩු විය හැකියි. ඒ වගේම අපේ ප්‍රධාන අපනයනක් වන ඇඟලුම්වල ප්‍රධාන ගැනුම්කරු වන්නේ ඇමෙරිකාව හා යුරෝපයයි. ඒ මිලදි ගැනීම් පවා අඩු විය හැකියි.
මේ අර්බුදයේදී ප්‍රධාන ගැටුම ඇත්තේ ඇමෙරිකාව හා චීනය අතරයි. එහිදි ඇමෙරිකාවේ පවතින චීන ආයෝජන එරටින් පිටතට ගමන් කරමින් පවතිනවා. අපි මේ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උත්සහ කළ යුතුයි. ඒ වගේම අපි අපේ අපනයන වෙළෙඳපොල පුළුල් කර ගැනීමට කටයුතු කර ගත යුතුයි. අපි අමුද්‍රව්‍ය ආනයනය කරලා පසුව නිෂ්පාදන කරලා අපනයන කරන රටක්. ඒ නිසා දැනට HS cord යටතේ අය කෙරෙන සංකීර්ණ තීරු ක්‍රමය වෙනස් කළ යුතුමයි. මේ හරහා එක්වරම විශාල තීරු බදු අදායමක් අපට අහිමි වන බවක් එක් වරම පෙනුනත් සැබැවටම ඉන් වන්නේ අපේ අදායම ඉහළ යාමයි. මොකද පවතින ක්‍රමය යටතේ වංචා කිරීමට ඇති අවස්ථාව ඉහළයි. සරල වීම හරහා මේ වංචා අඩු වෙනවා.
කෙසේවුවත් මෙම ගැටලුව විසඳීම සඳහා සාමුහිකව ඉදිරියට යායුතුයි. කලාපීය බලවතුන් වන ඉන්දියාව වැනි රටවල් මෙම අවස්ථාවේදී විසඳුම් සෙවීම සඳහා මුල් විය යුතුයි.”
මෙම අවස්ථාව සඳහා එක් වූ මහාචාර්ය රෝහාන් සමරජීව සඳහන් කර සිටියේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ගත් මෙම තීරණය හමුවේ ඉදිරියේදී අපේ මුළු ආර්ථික ක්‍රමයම වුවත් අස්ථාවර වීමේ අවදානමක් ඇති බවයි.
ආර්ථික ක්‍රමය අස්ථාවර වීමේ අවදානමක්: “අපි මෙම අර්බුදයෙන් මිදීම සඳහා ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග නිසා දැනට අප රට හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති එකඟතා වලට පවා බලපෑම් එල්ල වීමට හැකියි. ඒ ඔවුන් අපට දිලා තියෙන ආකෘතියේ යම් කොටස් වලට මේ තීරණ නිසා ගැටලු ඇති විමේ අවධානමක් තියෙන නිසා. එවන් අවස්ථාවක් උදාවුවහොත් එය රට තුළ සංකිර්ණ තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු විය හැකියි.
රටේ බදු ආදායම සෑම විටම එකම විදිහට ගලාගෙන එන්නේ නැහැ. ඒ වගේම අපේ රුපියලේ අගය එහා මෙහා වීම හරහාත් ගැටලු ඇතිවිය හැකියි. උද්ගතව ඇති වාතාවරණය හමුවේ ලංකාවට ඇති බලපෑම් ඉදිරි දින 90 ඇතුළත විසෙඳනු ඇතැයි සිතිය නොහැකියි. මෙය සංකීර්ණ ප්‍රශ්නයක්. විසඳුම් සෙවීම සඳහා ජාතික සංවාදයක් වගේම සියලු දෙනාගේ ඒකාබද්ධ වීමක් අවශ්‍යයයි.
අනෙක් කාරණය ඇමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කරන ආකාරයට භාණ්ඩ ආනයනය හා අපනයනය යන කාරණයේදී දෙරට අතර වෙළෙඳ හිඟයක් පැවතියද අප සේවා යන කාරණයෙදී ඇමෙරිකාවට පරිශීලක ගාස්තු ලෙස විශාල මුදලක් ගෙවනවා. එහිදි ඇත්තේ වෙළඳ හිඟයක් නොවේ අතිරික්තයකි. අදාළ තීරු බදු තීරණයේදී ට්‍රම්ප් මෙම කාරණය නොසලකා හැරලා තිබීම අසාධාරණයි.
කෙසේ වුවත් ඉතා දිළිඳු රටවලට පවා ඉහළ තීරු බදු පනවමින් ඔහු ගත් මෙම තීරණය මුග්ධ අනුකම්පා විරහිත එකක්.”
ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක ලොව රටවල් ගණනාවකින් සිය රටට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා වන තීරු බදු ඉහළ දැමීමට පියවර ගත්තේය.
ඔහු සඳහන් කළේ සිය රට අදාළ රටවල් අතර ඇති වෙළෙඳ හිඟය පියවා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. ඒ අනුව අප රටට ද 44% ක තීරු බද්දක් පැනවිණි.
කෙසේ වුවද තීරු බදු ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් දින 90ක පමණ කාලයකට මේ වන විට කල් දමා ඇත.