ආර්ථික
ලොව අති විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාවක් කොළඹ වරායට!
image for ලොව අති විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාවක් කොළඹ වරායට!

ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාවක් වශයෙන් ප්‍රකට MSC MARIELLA නෞකාව කොළඹ වරාය වෙත පසුගිය 28 වන දින ප්‍රවේශ විය. මෙම නෞකාව පැමිණ ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙතයි.

MSC MARIELLA නෞකාව නැගෙනහිර බහාලුම් පර්යන්තයට බහාලුම් 1, 600ක් පැටවීම හා බෑම සිදු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකරණ අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර සඳහන් කර සිටියි. 

එමෙන්ම මෙම නෞකාවේ පැමිණිම ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවත්, එමගින් ශ්‍රී ලංකාවේ නාමය  වඩාත් ඉහළින් ඔසවා තැබීමට හේතුවන බවත් ඔහු පවසයි. 

වර්තමාන ආණ්ඩුවේ අභිප්‍රාය වන කොළඹ වරාය දකුණු ආසියාවේ නාවික කෙන්ද්‍රස්ථානය (maritime hub) බවට පත් කිරීමේ සිහිනය සැබෑවන බවට ඉඟියක් මෙම MSC MARIELLA නෞකා ආගමනයත් සමග ලැබෙන බවද කළමණාකරණ අධයක්ෂකවරයා  සඳහන් කර සිටියි.

බටහිර අප්‍රිකාවේ ලයිබිරීයාවට අයත් MSC MARIELLA නෞකාව මීටර් 399.90 ක දිගින් යුතු අතර එහි පළල මීටර් 61.30 කි. ටොන් 240,737 ක් බරැති බහාලුම් ප්‍රමාණයක් දරා ගැනීමේ ධාරිතාවක් මෙම නෞකාව සතුය. MSC MARIELLA නිෂ්පානදය කර ඇත්තේ 2023 වර්ෂයේදීය.