ආර්ථික
කොළඹ මහ නගර සභාවේ ආදායම් වර්ධනයට KOIKA සහය
image for කොළඹ මහ නගර සභාවේ ආදායම් වර්ධනයට KOIKA සහය

කොළඹ මහ නගර සභාවේ බදු ආදායම් පද්ධතිය ස්වයංක්‍රීය කිරීම සඳහා කොරියානු ජත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ සහය හිමිවී ඇත.

අදාළ ආධාර මුදල ලබා ගැනීම සඳහා වන එකඟතාවයට අමාත්‍ය මණ්ඩල අනුමැතියද පසුගියදා හිමිව තිබේ.

ආධාර මුදලක් : මේ අනුව KOIKA ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5 ක මුදලක් කොළඹ මහ නගර සභාව වෙත ප්‍රදානය කිරීමට නියමිතය. ඒ අනුව ඉදිරියේදී මෙම මුදල මහ නගර සභාවේ බදු ආදායම් පද්ධතිය වැඩි දියුණු කරමින් එය ස්වයංක්‍රීය කිරිම උදෙසා යොදා ගැනෙනු ඇත. 

බදු ආදායම :  කොළඹ මහ නගර සභාව විවිධ මුලාශ්‍ර 75 ක් පමණ යටතේ සිය බදු ආදායම උත්පාදනය කර ගනී. ඒ අතරින් ප්‍රධාන මුලශ්‍ර හතර වන්නේ වරිපනම් බදු, බලපත්‍ර ගාස්තු, වෙ‍ළෙඳ බද්ද, මුද්දර ගාස්තු යන බදු වර්ගයි. මෙම මුලාශ්‍ර හතර කොළඹ මහ නගර සභාවේ බදු ආදායමෙන් 62% ක් උපයනු ලබයි.

ස්වයංක්‍රීය කිරීමේ වාසිය :  මෙම මුලාශ්‍ර හතර ස්වයංක්‍රීය කිරීම හරහා කොළඹ මහ නගර සභාවට බදු ආදායම් රැස් කර ගැනීම සැලකිය යුතු මට්ටමකින් ඉහළ නංවා ගත හැකි බවට විශ්වාස කෙරේ. ඒ අනුව බදු ආදායම් එක් රැස් කිරීමේදී සිදුවන ඇතැම් අක්‍රමිකතා අදාළ පද්ධතිය ස්වයංක්‍රීය කිරීම මගින් මග හරවා ගත හැකිවනු ඇත.

අනුමැතිය හිමිවීම  : කොළඹ මහ නගර සභාව, රාජ්‍ය පරිපාලන, පළ‍ාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව අදාළ කරුණ පිළිබඳව වන සංකල්ප පත්‍රිකාවක් කොරියානු ජත්‍යාන්තර සහයෝගීතා ඒජන්සිය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අදාළ ආධාර මුදල ලබා දීමට  KOIKA ආයතනය එකඟ වී ඇත. මේ සඳහා වන නීතිමය නිශ්කාෂණය  නීතිපවරයාගෙන් හිමිව ඇති අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය හිමිව ඇත.