
ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන මැයි 3 වන දින,තෙදිනක නිල සංචාරයක් සඳහා වියට්නාමය බලා පිටව යාමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන මැයි 3 වන දින,තෙදිනක නිල සංචාරයක් සඳහා වියට්නාමය බලා පිටව යාමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
මෙම සංචාරය මැයි මස 3 වන දින සිට 6 වන දින දක්වා සිදු වීමට නියමිත අතර එහිදී දෙරට අතර ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතය.
ද්විපාර්ශවික වෙළෙඳාම: ඒ අනුව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ වියට්නාම් වෙළෙඳ ප්‍රවර්ධන ඒජන්සිය අතර ද්විපාර්ශවික ගිවිසුමක් අත්සන් තැබීමට කටයුතු සූදානම් කොට ඇත.
මෙහි අරමුණ වන්නේ ද්විපාර්ශවික වෙළෙඳාම ශක්තිමත් කිරීම, වෙළෙඳපොළ තොරතුරු හුවමාරු කර ගැනීම, වෙළෙඳ ප්‍රදර්ශන හා වෙළෙඳ ප්‍රවර්ධන උත්සව ස්‍රදහා ද්විපාර්ශවික සහභාගීත්වය, ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් අතර රැස්වීම් සංවිධානය කිරීම වැනි කරුණු සාර්ථක ලෙස ඉටු කර ගැනීමයි.
මෙම සහයෝගීතාවය මගින් සැකසු ආහාර, ඇඟළුම් සහ අගය එකතු කළ කෘෂිකාර්මික අංශවල වෙළෙඳපොළ අවස්ථා ලබා ගනීමට අපේක්ෂා කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කර්මාන්ත ප්‍රවර්ධනය: මෙම ගිවිසුමට අමතරව විදුලි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය ඇතුළුව යාන්ත්‍රික උපකරණ අංශයේ ද්විපාර්ශවික සහයෝගීතාවය ලබා ගැනීමේ අරමුණ ඇතිව 2011 වර්ෂයේ අත්සන් තැබුණු ද්විපාර්ශවික ගිවිසුම අලුත් කිරීමටද අපේක්ෂා කෙරේ.
මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ දෙරටේ කර්මාන්ත අමාත්‍යාංශයන් අතරය. මෙමගින් යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය පිළිබඳ සහයෝගීතාවය සහ ධාරිතා ගොඩනැගීමේ ක්‍රියාකාරකම් සඳහා ප්‍රවේශය ලබා ගැනීමට හැකි බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.