
අප්‍රේල් මස තුන්වන සතිය වන විට මෙරට පොල් වෙන්දේසියේ පොල් අලෙවිවන මිල ගණන් සිල්ලර මිලට ආසන්න වී ඇත.
අප්‍රේල් මස තුන්වන සතිය වන විට මෙරට පොල් වෙන්දේසියේ පොල් අලෙවිවන මිල ගණන් සිල්ලර මිලට ආසන්න වී ඇත.
ඒ අනුව ගෙඩි 1000 ක් සඳහා වු සාමාන්‍ය මිල රුපියල් 181,915 ක් විය. එය සතියකට පෙර පැවති මිල වු 179,497 ක මිලට වඩා 1.3 % කින් ඉහළ යාමකි. මෙම මිල ගණන් පාලනය කිරීමට කටයුතු කර ඇතත් එහිදී සිදුව ඇත්තේ පොල් අස්වැන්න වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරිමෙහි විශාල අඩු වීමක් සිදුවීමයි.
ඒ අනුව පොල් ගෙඩි 1000 ක් සඳහා රුපියල් 140,000ක පාලන මිලකට යටත් කරන ලද මාර්තු 13 වන දින වෙන්දේසිය සඳහා ලැබී ඇත්තේ පොල් ගෙඩි 21,000 ක් පමණි. රජයට අයත් වතු සමාගම්වල පොල් අස්වැන්න වෙන්දේසිය සඳහා ලබා දී තිබුනද අනෙක් සැපයුම් කරුවන් සිය අස්වැන්න වෙන්දේසියෙන් පිටතදී අලෙවි කිරීමට පියවර ගෙන ඇත.
අපනයන වෙළෙඳපොළ සඳහා පොල් ආශ්‍රිත නිෂ්පාදන ඉදිරිපත් කරන නිෂ්පාදකයින් පොල් මිලදී ගනු ලබන්නේ පොල් වෙන්දේසියෙනි. වෙන්දේසිය සඳහා ලැබෙන පොල් අස්වැන්න අඩු වීමත් සමග මෙම නිෂ්පාදකයින් දැඩි අසීරුතාවයකට මුහුණපානු ලබයි.
මේ අතර සාමාන්‍ය වෙළඳපොළ තුළ ද පොල් මිල පවතින්නේ ඉහළ අගයකය.
අප්‍රේල් 28 වන දින වනවිට ප්‍රමාණයෙන් විශාල පොල් ගෙඩියක මිල රුපියල් 192 – 200 අතර මිලකට පැවති අතර ප්‍රමාණයෙන් කුඩා ගෙඩියක් අලෙවි වූයේ රුපියල් 160 – 170 අතර මිලකටය.
මහ බැංකු දත්ත වලට අනුව 2025 පෙබරවාරි මාසය වන විට මෙරට පොල් අස්වැන්න 31.6% කින් පහත වැටි තිබේ. පොල් පර්යේෂණ ආයතනය ද පවසන්නේ 2025 පළමු භාගයේ දී ද පොල් අස්වැන්න පහළ යා හැකි බවයි.
පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණයත්, පොහොර හිඟයත්, සතුන් නිසා සිදුවන අස්වනු හානියත් මෙම තත්ත්වයට හේතු වී තිබේ.
ආසියාව පුරා පොල් අස්වැන්න සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇත.
මේ අතර පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් සඳහන් කරන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන හරහා ලැබු ආදායම 2025 මාර්තු මාසයේදී 27% කින් ඉහළ ගොස් ඇති බවයි. අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරන පරිදි පොල්තෙල් අපනයන හරහා ලැබු ආදායම 76.63% කින්ද, පිටිකළ පොල් අපනයනය මගින් ලැබු ආදායම 93.45% කින්ද ඉහළ ගොස් ඇත.
ක්‍රීම් ලෙස සකසන ලද පොල් මගින් ලැබූ අපනයන ආදායම 46.15% කින් ඉහළ ගොස් තිබේ. දියර පොල් කිරි අපනයන මගින් ලැබු ආදායම ද 41.93 කින් ඉහළ ගොස් බවද අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මේ නිසා සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය පොල් ආනයනය මගින් හෝ ලබා දෙන ලෙස පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවෝ ඉල්ලා සිටිති.