
චීන වෙළෙඳ ඇමති වැංග් වෙංතාඕ (Wang Wentao) එළඹෙන ජුනි මස මෙරටට පැමිණීමට නියමිතව ඇති බව රජයේ විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි.
චීන වෙළෙඳ ඇමති වැංග් වෙංතාඕ (Wang Wentao) එළඹෙන ජුනි මස මෙරටට පැමිණීමට නියමිතව ඇති බව රජයේ විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද ප්‍රතිචාර තීරුබදු නිසා මෙරට ආර්ථිකයට ඇතිවූ බලපෑම අවම කිරීමට තම අපනයන වෙළෙඳපොළ තව තවත් පුළුල් කිරීමට ලංකාව කටයුතු කරමින් සිටින අවස්ථාවකදී මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි.
කෙසේ වුවද මෙහිදී චීන වෙළෙඳ ඇමතිවරයා හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සිදුවිය හැකි සාකච්ඡා සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණය ගෙන නොමැති බව රජයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කෙසේ වුවද දෙරට අතර වෙළෙඳ ගනුදෙනු පුළුල් කර ගැනීම හා මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) මෙම සාකච්ඡාවල ප්‍රධාන තැනක් ගනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.
චීන-ලංකා FTA :මෙම වසරේ ජනවාරි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ බීජිං සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව සහ චීනය නිදහස් වෙළෙඳ ගිවිසුමට (FTA) අනුව කටයුතු කිරීමට එකඟ වූ බව දෙරටම එක්ව නිකුත් කළ ප්‍රකාශයක සඳහන් විය.
චීනය හා ශ්‍රී ලංකාව නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වරින් වර රැස්වී සාකච්ඡා පැවැත්වූ අතර, 2018 වසරේදී ලංකාවට වඩා චීනයට අතිරේක වාසි ලැබිය හැකි බවට ඇති වූ නොඑකඟතාවයන් මත එය තාවකාලිකව නතර විය. යෝජිත ගිවිසුමේ වගන්ති 3කට ශ්‍රී ලංකාව එකඟව නොසිටි නිසා මෙසේ සිදුවිය.
යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) කේන්ද්‍ර කරගත් ගැටුමක් ඇතිවීමට හේතු වූයේ චීනයේ බදු ශුන්‍ය කිරීමේ කාලසීමාව, බදු රේඛා (tariff lines) ප්‍රතිශතය සහ FTA ගිවිසුම සමාලෝචනය කිරීමට යෝජිත කාලසීමාව පිළිබඳව ශ්‍රී ලංකාවේ නොඑකඟතාවය හේතුවෙන් ය.
FTA ගිවිසුම ක්‍රියාත්මක වන පළමු දිනයේ සිටම තෝරාගත් බදු රේඛා 500කට ආසන්න සංඛ්‍යාවක් සඳහා බද්ද 0% කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍යතාවය තිබුණද, චීනයට එවැනි අවශ්‍යතාවයක් නොතිබූ බව එම සාකච්ඡා සඳහා සහභාගී වූ පාර්ශව පවසති.
ශීතල යුද්ධය : කෙසේ වුවද චීනය සහ ඉන්දියාව අතර පවතින භූදේශපාලනික ශීතල යුද්ධයට ශ්‍රී ලංකාව මැදිවී ඇති බව විශ්ලේෂකයෝ සඳහන් කරති.
එම නිසා ශ්‍රී ලංකාව මෙම රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී ඉතා අවධානයෙන් කටයුතු කිරීමට අවශ්‍ය බව ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවට ඉන්දියාව අතරද වසරේ 2000 සිට ක්‍රියාත්මක වන නිදහස් වෙළෙඳ ගිවිසුමක් පවතී. සේවා අපනයන්ද ඇතුළු කරමින් මෙම ගිවිසුම පුළුල් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ඈරඹී ඇත.
ට්‍රම්ප්ගේ බදු: පසුගිය අප්‍රේල් 02 වෙනිදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 160කට වැඩි සංඛ්‍යාවක අපනයන ක්ෂේත්‍රයට පහරක් එල්ල කරමින් පනවන ලද ප්‍රතිචාර තීරුබදු නිසා ගෝලීය වෙළෙඳ අර්බුදයක් මේ වන විට නිර්මාණය වී ඇත.
ශ්‍රී ලංකාවෙන් ඇමරිකාව වෙත සිදු කරන අපනයනන් සඳහා යෝජනා වී ඇති බද්ද 44%කි. කෙසේ වුවද ට්‍රම්ප් පරිපාලනය විසින් මෙම තීරු බදු අය කිරීම මාස තුනකට පමණ කල් දමා ඇත. කෙසේ වුවද ගෝලීය වශයෙන් ක්‍රියාත්මක 10% ප්‍රතිචාර ප්‍රතිශත බද්දට ශ්‍රී ලංකාවේ අපනයනයන් තවමත් යටත් වේ.
ශ්‍රී ලංකාවේ සමස්ත කර්මාන්ත අපනයන්ගෙන් 25%ක් පමණ මිලදී ගනු ලබන්නේ ඇමරිකානු එක්සත් ජනපදයයි.