
මෑත ඉතිහාසයේ එක් දිනකදී සිදු වූ ඉහළම මිල වැඩිවීම ඊයේ (17) දිනයේදී වාර්තා වීමත් සමගම, රන් පවුමක මිල රුපියල ලක්ෂ තුනේ සීමාව දක්වා ඉතා ඉක්මනින් ළඟා විය හැකි බවට මේ වන විට අනාවැකි පළවෙමින් පවතියි.
මෑත ඉතිහාසයේ එක් දිනකදී සිදු වූ ඉහළම මිල වැඩිවීම ඊයේ (17) දිනයේදී වාර්තා වීමත් සමගම, රන් පවුමක මිල රුපියල ලක්ෂ තුනේ සීමාව දක්වා ඉතා ඉක්මනින් ළඟා විය හැකි බවට මේ වන විට අනාවැකි පළවෙමින් පවතියි.
ඊයේ දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 22, 000කින් පමණ ඉහළ ගිය අතර එය මෑත ඉතිහාසයේදී එක් දිනකදී වාර්තා වූ වැඩිම මිල ඉහළ යාම ලෙස සැලකේ. ඒ අනුව කැරට් 24 පවුමක (ග්‍රෑම් 7.98) මිල රුපියල් 262, 000ක් ලෙස ඊයේ දිනයේදී වාර්තා විය.
කැරට් 22 රන් පවුමක මිල රුපියල 242, 000 ලෙස වාර්තා විය.
අප්‍රේල් 16 වන දින කැරට් 22 රන් පවුම රුපියල් 238,300 ක් සහ කැරට් 24 රන් පවුම රුපියල් 259,000 ක් විය.
ගෝලීය රන් වෙළෙඳපොළ: ශ්‍රී ලංකාවේ රන් මිල ඉහළ යෑම ගෝලීය රන් මිල ඉහළ යාම හා බැඳේ. ඒ අනුව ඊයේ දිනයේදී ගෝලීය රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 3, 345ක් ලෙස ඉතා ඉහළ අගයක් ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වුවද අද (18) දිනයේදී රන් අවුන්සයක ගෝලීය මිල ඇමරිකානු ඩොලර් 3, 315 දක්වා සුළු වශයෙන් පහත වැටී ඇති බව පෙනී යයි.
රන් මිල වැඩි වීමට හේතු: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් පනවා, මේ වන විට දින 90කට අත් හිටුවා ඇති ප්‍රතිචාර තීරු බදු (reciprocal tariffs) රන් මිල මෙසේ විශාල වශයෙන් වැඩි වීමට හේතු වී ඇති බව ආර්ථික විශ්ලේෂකයින්ගේ මතයයි.
එසේම මෙම තීරු බදු පැනවීම හේතුවෙන් ඇමරිකාව හා චීනය අතර වෙළෙඳ යුද්ධයක් ඇති වීමේ පැහැදිලි ඉඩකඩද මෙම මිල ඉහළ යාමට හේතු වී ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇති වී ඇති අවිනිශ්චිතභාවය හා මෑත සති කිහිපය තුළ ඇමරිකානු ඩොලරයේ අගය පහත වැටීම හේතුවෙන් ආයෝජකයින් වැඩි වශයෙන් ආරක්ෂිත වත්කමක් ලෙස සැලකෙන රත්තරන් දෙසට යොමු වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ සම්බන්ධයෙන් ගත් කළ, ඉහත සඳහන් බාහිර සාධක සහ විනිමය අනුපාතය ද රන් මිලට බලපා ඇති බව පෙනී යයි.
අක්ෂය ත්‍රිතිය දිනය: අප්‍රේල් 30 වැනිදාට යෙදී ඇති අක්ෂය ත්‍රිතිය (Akshya Tritiya) ලෙස හැඳින්වෙන ජෛන සහ හින්දු වසන්ත උත්සවයට පෙර රන් මිල මෙසේ විශාල මට්ටමකින් ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් විසින් රන් භාණ්ඩ මිලදී ගැනීම අධ්‍යර්‍යමත් කිරීමට යම් පමණකට හේතු විය හැකි බව ශ්‍රී ලංකාවේ රන් වෙළෙඳපොළේ කේන්ද්‍රස්ථානය වන කොළඹ කොටුව මුහුදු මාර්ගයේ ස්වර්ණාභරණ වෙළෙන්දෝ පවසති.
අක්ෂ ත්‍රිතිය දිනයේදී ජෛන සහ හින්දු භක්තිකයින් සාමාන්‍යයෙන් රත්තරන් මිලදී ගන්නේ එය සාම්ප්‍රදායිකව ඉතා සුබ දිනයක් ලෙස සැලකෙන බැවිනි. එම දිනයේදී ආරම්භ කරන ලද හෝ අත්පත් කරගත් ඕනෑම දෙයක් නිමක් නැති සමෘද්ධියක් සහ වාසනාවක් ගෙන දෙන බවට විශ්වාසක් පවතියි.