2024 මහ මැතිවරණයේ දිස්ත්‍රික් මට්ටමෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වන විට නිකුත් කෙරෙමින් පවතියි.
2024 මහ මැතිවරණයේ දිස්ත්‍රික් මට්ටමෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වන විට නිකුත් කෙරෙමින් පවතියි.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී මහමැතිවරණ ඡන්ද විමසීම් කටයුතු අද (14) පෙරවරු 7.00ට ආරම්භ වූ අතර එම කටයුතු පස්වරු 4.00වන විට අවසන් විණි.
වැඩිම ඡන්ද ප්‍රතිශතය මන්නාරමෙන්: ඊට අනුව වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා වන්නේ මන්නාරම් දිස්ත්‍රික්කයෙනි.එය 70% ක ප්‍රතිශතාත්මක අගයක් ගනී.
වාර්තා වුණු තොරතුරු අනුව, කොළඹ 65%ක්, නුවරඑළිය 68%ක්, කුරුණෑගල 64%ක්,
රත්නපුර 65%ක්, මඩකලපුව 61%ක්, මාතර 64%ක්, පුත්තලම 56%ක් හා
අනුරාධපුර දිස්ත්‍රික්කය 65%ක් ආදී වශයෙන් ඡන්දය ප්‍රකාශ කර ඇත.
මේ අතර බදුල්ල 66%ක්, ත්‍රිකුණාමලය 67%ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ 63%ක් ලෙස ද ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
සාමකාමී මැතිවරණයක්: එමෙන්ම,සමස්තයක් ලෙස විමසා බලන විට පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු සාමකාමී ලෙස සිදුවු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතී.
එසේම ඡන්දය ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර ඇති බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 80,000ක් පමණ වන අතර පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10-11 පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂිතය.
එසේම මෙවර සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 65%ක් ලෙස වාර්තා වී තිබේ.