කාලීන
විදුලි ගාස්තු අඩුවීමත් සමග ඔබගේ නිවසේ විදුලි බිල අඩුවෙන්නේ මෙහෙමයි
image for විදුලි ගාස්තු අඩුවීමත් සමග ඔබගේ නිවසේ විදුලි බිල අඩුවෙන්නේ මෙහෙමයි

නවතම විදුලි ගාස්තු අඩු කිරීමත් සමගම කිලෝ වොට් පැය 60 (ඒකක) පමණ විදුලිය භාවිතා කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි බිල 38%කින් පමණ පහත වැටෙනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසයි.

ඒකක 30 ක් පමණක් පරිභෝජනය කරන විදුලි පරිභෝජකයින්ට ජූලි 16 න් පසු මසකට රුපියල් 280 ක බිල්පතක් හිමිවන අතර එය රුපියල් 390 සිට අඩු වීමක් බව PUCSL සභාපති මංජුල ප්‍රනාන්දු පවසයි.

ඇ.ඩො. එකටත් අඩුයි: මෙම  කාණ්ඩයට අයත් වන්නේ සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 26ක් බව ඔහු පවසයි. ඒ අනුව මෙම පාරිභෝගිකයන්ට ලැබෙන බිල්පත ඇමරිකානු ඩොලර් එකකටත් අඩුය.

ඒකක 60ක් දක්වා භාවිත කරන පුද්ගලයින්ගේ බිල්පත රුපියල් 1140 සිට රුපියල් 700 දක්වා පහත වැටෙනු ඇති බවද ඔහු පැවසීය.

ඒකක 120ක් භාවිතා කරන ගෘහස්ථ පාරිභෝගිකයෙකුට තම බිල මසකට රුපියල් 1, 500කින් පමණ පහත වැටෙනු ඇත.

ඒකක 150ක් පාවිච්චි කරන අයගේ බිල රුපියල් 1800කින් අඩු වෙනු ඇත.

ඒකක 180 ක් භාවිතා කරන පාරිභෝගිකයින්ට ඔවුන්ගේ බිල්පත මසකට රුපියල් 2,000 කින් පහත වැටෙනු ඇත.

 

එසේම අවම ගෘහස්ථ විදුලි පරිභෝජකයින් විසින් විදුලි ඒකකයක් සඳහා ගෙවන ගාස්තුව රුපියල් 8 සිට 6 දක්වා අඩුවන අතර, ඔවුන්ගේ ස්ථාවර ගාස්තුව රුපියල් 150 සිට රුපියල් 100 දක්වා අඩු වෙයි.

ශ්‍රී ලංකාව විසින් සෑම තෙමසකට වරක්ම විදුලි ගාස්තු සංශෝධනය කරන අතර වියදම පරාවර්තනයවන විදුලි ගාස්තු අයකිරීමක් සිදු කරයි.

 

electricity bill table