විනිවිද
Ed Sheeranගේ ප්‍රසංගයක් ලබන වසරේ ලංකාවේදී!
image for Ed Sheeranගේ ප්‍රසංගයක් ලබන වසරේ ලංකාවේදී!

ලෝක ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ගායකයෙකු සහ ගීත රචකයෙකු වන Ed Sheeranගේ  සංගීත ප්‍රසංගයක් 2025 වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසවලදී  ලංකාවේ පැවැත්වීමට නියමිත බව සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයාට අනුව එසේ Ed Sheeran ප්‍රසංගයක් ලංකාවට ගෙනෙ ඒමේ කර්තව්‍යට උර දී ඇත්තේ John Keells Holdings සමාගමේ Cinnamon Life සන්නාමයයි.

වසර ගණනාවකට පසු ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තත්වයේ ප්‍රසංගය මෙය වනු ඇත. 2015 වසරේ සිට මේ දක්වා මෙරට ජාත්‍යන්තර මට්ටමේ යැයි සැලකිය හැකි කලාකරුවෙකුගේ ප්‍රසංගයක් පවත්වා නොමැත.

Ed Sheeran යනු වර්තමානයේ සිටින වඩාත්ම ජනප්‍රිය සංගීතඥයන් අතර ඉහළින්ම වැජඹෙන අයෙකි. එසේම ඔහු ලොව පුරා රෙකෝර්ඩ්ස් මිලියන 150කට වඩා අලෙවි කර ඇති අතර, ඉතිහාසයේ වැඩියෙන්ම අලෙවිවන සංගීතඥයින් අතර ඔහු සිටී.