shine50-top-banner
Are you a
Sri Lankan Woman
between
18-35 years?
Are you a
between
Then get ready to be inspired!
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවේ ප්‍රමුඛතම මාධ්‍ය සන්නාමය වන Neon ගෙන එන Shine 50 ව්‍යාපෘතිය හරහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සුවිශේෂ සමාජ වෙනසකට දායක වන තරුණ කාන්තාවන් 50 දෙනෙකු ඔබ හමුවට රැගෙන එයි. මෙම සුවිශේෂී කාන්තාවන් සමාජය පරිවර්තනය කරනවා පමණක් නොව මෙරටේ අනාගත පරම්පරාවන් ද සවිබල ගන්වයි. ඔවුන්ගේ ගමන් මග පිළිබඳ සමාජය දැනුවත් විය යුත්තේ එබැවිනි. ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු මේ ලැයිස්තුවට ඇතුළත් වීමට සුදුසු නම්, Shine 50 වෙබ් පිටුව හරහා අයදුම්පතක් යොමු කරන්න.
ක්‍රමවේදය
Shine 50 වෙබ් පිටුව හරහා ලැබෙන අයදුම්පත් Neon කර්තෲ මණ්ඩලය විසින් සමාලෝචනය කරනු ඇත. එයට අමතරව Shine 50 ලැයිස්තුව සඳහා අමතර කැපී පෙනෙන අපේක්ෂකයින් ද Neon කර්තෲ මණ්ඩල සාමාජිකයින් විසින් සක්‍රීයව සොයනු ලබනු ඇත. නායකත්වය, උපදේශනය, බලපෑම, නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය සහ තිරසාරභාවය ඇතුළු පුළුල් නිර්ණායක මත අපේක්ෂකයින් ඇගයීමට ලක් කෙරේ. තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉතා සූක්ෂම වනු ඇති අතර, අයදුම්කරුවන් නියැලෙන කර්තව්‍යයන් හා ඔවුන් සිටින ක්ෂේත්‍රයන් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ඔවුන් සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ වනු ඇත. අවසාන තේරීම් Neon සංස්කාරකවරුන් සිදු කරනු ඇත.

ඔබත් ලංකාව හොල්ලන වැඩක් කරන, වයස 18-35 අතර තරුණ කාන්තාවක්ද? එහෙනම් Shine 50 ලැයිස්තුවේ ඔබව දකින්නට අපි කැමතියි!

ක්ෂේත්‍ර
කෘෂිකර්මතාක්ෂණප්‍රාග්ධන වෙළෙඳපොළකලාව සහ විලාසිතාඅධ්‍යාපනබලශක්ති සහ හරිත තාක්ෂණයමූල්‍යසූපශාස්ත්‍රයක්‍රීඩා සහ eSportsසෞඛ්‍ය සත්කාරපරිසරනිෂ්පාදන සහ කර්මාන්තඅලෙවිකරණය, ප්‍රචාරණය හා වෙළඳාමමාධ්‍ය සහ content creationනීති ක්ෂේත්‍රයසංගීතය හා විනෝදාස්වාදයවිද්‍යාවසමාජ බලපෑම හා ප්‍රජා සේවයසමාජ මාධ්‍යප්‍රවාහනය සහ සංචලනය

කෘෂිකර්මතාක්ෂණප්‍රාග්ධන වෙළෙඳපොළකලාව සහ විලාසිතාඅධ්‍යාපනබලශක්ති සහ හරිත තාක්ෂණයමූල්‍යසූපශාස්ත්‍රයක්‍රීඩා සහ eSportsසෞඛ්‍ය සත්කාර පරිසරනිෂ්පාදන සහ කර්මාන්තඅලෙවිකරණය, ප්‍රචාරණය හා වෙළඳාමමාධ්‍ය සහ content creationනීති ක්ෂේත්‍රය සංගීතය හා විනෝදාස්වාදයවිද්‍යාවසමාජ බලපෑම හා ප්‍රජා සේවයසමාජ මාධ්‍යප්‍රවාහනය සහ සංචලනය

මේ ඔබේ අවස්ථාවයි!
Recognition
ජාතික මට්ටමේ පිළිගැනීමක්
ජාතික මට්ටමේ පිළිගැනීමක්

කොළඹ දී පැවැත්වෙන උත්කර්ෂවත් සම්මාන උළෙලකින්, පසු මහනුවර, ගාල්ල සහ යාපනය ප්‍රදේශවල පැවැත්වෙන ප්‍රාදේශීය වැඩසටහන්

Apply Now
Encouragement
ඉදිරි ගමනට තල්ලුවක්

මෙතෙක් කලක් ඔබට හෝ ඉතා සුළු පිරිසකට සීමා වුණු ඔබගේ කතාව රටටම කියා ඉදිරි පරපුරට පූර්වාදර්ශ සපයන්නෙකු බවට පත්වෙන්න

Apply Now
ඉදිරි ගමනට තල්ලුවක්
Collaboration
එකතුවෙලා වැඩ කරන්න ඉඩ

Shine 50 ලැයිස්තුවට තෝරා ගනු ලබන අයදුම්කරුවන් අතර ව්‍යාපාරික හෝ වෘත්තීය සබඳතා පුළුල් කිරීම හා Neon සහ Echelon හරහා මාධ්‍ය අවකාශය විවෘත කර දීම.

Apply Now
එකතුවෙලා වැඩ කරන්න ඉඩ
girl
මේ ඔබේ අවස්ථාවයි!
Recognition
ජාතික මට්ටමේ පිළිගැනීමක්
ජාතික මට්ටමේ පිළිගැනීමක්

කොළඹ දී පැවැත්වෙන උත්කර්ෂවත් සම්මන උළෙලකින්, පසු මහනුවර, ගාල්ල සහ යාපනය ප්‍රදේශවල පැවැත්වෙන ප්‍රාදේශීය වැඩසටහන්

Apply Now
FAQs
Shine 50 සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන්නේ කවුද?
ඕනෑම ක්ෂේත්‍රයකට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති සහ සුවිශේෂී නායකත්වයක් සහ බලපෑමක් පෙන්නුම් කරන කාන්තාවන් ලෙස හඳුනාගෙන සිටින තරුණ ශ්‍රී ලාංකික කාන්තාවන් අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
අයදුම්කරුවන් සඳහා වයස් සීමාවක් තිබේද?
අයදුම්කරුවන් අවුරුදු 18 සිට 35 දක්වා විය යුතුය.
Shine 50 සඳහා මට වෙනත් කෙනෙකු නම් කළ හැකිද?
ඔව්. ඒ සඳහා අවස්ථාව සපයා ඇත. අයදුම් පත්‍රයේ නාමයෝජනා කොටස පිරවීමෙන් ඔබට කෙනෙකු නම් කළ හැක. යමෙකු නම් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ස්වයං-නාම යෝජනා කිරීමකට සමාන වේ.
අයදුම් කිරීමේ අවසාන දිනය කුමක්ද?
අයදුම් කිරීමේ අවසාන දිනය 2024 ජූලි 28 වේ. ඔබගේ අයදුම්පත මෙම දිනට හෝ ඊට පෙර අප වෙත ලැබීමට සැලැස්විය යුතුය.
අයදුම් කිරීම සඳහා ගාස්තුවක් අය ‍ කරන්නේද?
නැත. Shine 50 සඳහා කිසිම අයදුම් ගාස්තුවක් නොමැත.
ගෙවීමක් කර Shine 50 ලයිස්තුවට මට ඇතුලත් විය හැකිද?
නොහැක. මෙය සම්පූර්ණයෙන්ම Neon කර්තෲ මණ්ඩල ව්‍යාපෘතියකි.
ප්‍රතිඵල ප්‍රකාශ කරන්නේ කවදාද?
ප්‍රතිඵල ජුලි මස අවසානයේ ප්‍රකාශයට පත් කෙරෙන අතර තෝරාගත් අයදුම්කරුවන්ට විද්‍යුත් තැපෑලෙන් දැනුම් දෙනු ලැබේ.
Shine 50 ලැයිස්තුවට තෝරා ගැනෙන අයදුම්කරුවන්ට ලැබෙන අවස්තා?
තෝරාගත් අපේක්ෂකයින්ට සම්මාන උළෙලකදී පිළිගැනීමක්, මාධ්‍ය ආවරණයක්, ජාලකරණ අවස්ථා (networking) සහ ඔවුන්ගේ බලපෑම තවදුරටත් ඉදිරියට ගෙන යාමට සහ තවත් තරුණ ගැහැණු පරම්පරාවක් දිරිගැන්වීමට වේදිකාවක් ලැබෙනු ඇත.
තෝරාගත් අයදුම්කරුවන්ගෙන් අපේක්ෂා කරන දේවල්?
කොළඹදී පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයට නිර්දේශිත සියලුම දෙනා සහභාගී වීම අපේක්ෂා කරනු ලබන අතර ගාල්ල, මහනුවර සහ යාපනය යන ප්‍රදේශවල පැවැත්වීමට සැලසුම් කර ඇති ප්‍රාදේශීය වැඩමුළු වලින් අවම වශයෙන් දෙකකට හෝ සහභාගි වීම අපේක්ෂා කෙරේ. සහභාගීත්වය හා සම්බන්ධ සියලුම පිරිවැය Neon විසින් දරනු ඇත.
මෙයට අමතරව තෝරා ගන්නා අයදුම්කරුවන්ගෙන් දීර්ඝකාලීනව අපේක්ෂා කරන දෙයක් තිබේද?
තෝරාගන්නා අයදුම්කරුවන් එකිනෙකා හා සම්බන්ධවීම හරහා ගොඩනැගෙන ජාලය අතිශයින් ප්‍රභල හා බලපෑම් කළ හැකි පන්නයේ කණ්ඩායමක් බවට පත්වීම මෙම ව්‍යාතියේ දීර්ඝකාලීන අරමුණයි.