
ශ්‍රී ලංකාව 2025 මුල් කාර්තුවේ බදු ආදායම ලෙස රුපියල් බිලියන 970.58ක් වාර්තා වී ඇත්තේ සමස්ත වියදම ලෙස රුපියල් බිලියන 1,226.55ක් සටහන් වී ඇති අවස්ථාවක බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසා තිබේ.

ශ්‍රී ලංකාව 2025 මුල් කාර්තුවේ බදු ආදායම ලෙස රුපියල් බිලියන 970.58ක් වාර්තා වී ඇත්තේ සමස්ත වියදම ලෙස රුපියල් බිලියන 1,226.55ක් සටහන් වී ඇති අවස්ථාවක බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසා තිබේ.
ඒ අනුව මෙම වසර ආරම්භයේ බදු ආදායම වර්ධනය වූ බව පෙන්නුම් කළ ද, වියදම් තවමත් ඉහළ මට්ටමක පවතින බව පෙනේ.
ඒ අනුව තවදුරටත් ඔහු සදහන් කළේ බදු නොවන ආදායම රුපියල් බිලියන 87.26ක් ලෙසත්, මූලික ආදායම රුපියල් බිලියන 5.77ක් ලෙසත්, ආධාර මුදල් ලෙස රුපියල් බිලියන 1.05ක් ලැබී ඇති බව වාර්තාවේ තවදුරටත් සදහන් වන බවයි.
මේ අනුව මුළු ආදායමේ සහ ආධාර මුදල්වල එකතුව රුපියල් බිලියන 1,046ක් ලෙස සදහන් ය.
බදු ආදායම : 2024 මුල් කාර්තුවේ වාර්තා වූ රුපියල් බිලියන 837.4ක බදු ආදායම සමඟ සසඳන විට මේ වසරේ බදු ආදායම රුපියල් බිලියන 133.2කින් වැඩි ව තිබේ.
එසේම පසුගිය වසරට වඩා මේ වසරේ පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 142.1කින් ඉහළ ගොස් ඇත. ඒ 2024 දී වාර්තා වූ රුපියල් බිලියන 1,084 වෙනුවට රුපියල් බිලියන 1,226.6ක් මේ වසරේ වියදම ලෙස වාර්තා වීම හේතුවෙනි.
IMF වැඩසටහන: IMF යනු වියදම් කළමනාකරණයට දිරි දෙන වඩසටහනක් නොව බදු ඉපයීම මඟින් ආදායම වැඩිකර ගැනීමට පමණක් අවධානය යොමුකරවන්නකි.
එසේ නමුත් ආර්ථික විද්‍යාඥයින් 1960 දශකයේ සිට පෙන්වා දී ඇත්තේ බදු ආදායම වැඩිකරමින් අයවැය හිඟය අඩු කිරීමේ ක්‍රමය (revenue-based consolidation) හරහා රජයේ වියදම් තව තවත් වැඩි වී, අයවැය හිඟයට දිගු කාලීන විසඳුමක් ලබා නොදෙන බවයි.
ඒ අනුව රටක ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා දිගුකාලීන විසඳුමක් ලෙස වියදම් පාලනය අත්‍යාවශ්‍ය බව ආර්ථික විශේෂඥයෝ අවධාරණය කරති.